සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉණිමේ වැඩි වාසි අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 290 ක් ලබා ගැනීමට සමත් වුණා. දිල්රුවන් පෙරේරා කඩුලු 4 ක් හා මාලින්ද පුෂ්පකුමාර කඩුලු තුනක් දවාගත්තා.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉණිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 336 ක් ලබාගැනීමට සමත්වුණා. දිමුත් කරුණාරත්න ලකුණු 63 යි. ධනංජය ද සිල්වා ලකුණු 59 ක් ලබාගත්තා. හත්වන පිතිකරු ලෙස පිටියට පිවිසි රොෂේන් සිල්වා හුදකලා සටනක නිරතවෙමින් ඉණිමට ලකුණු 85 ක් එක් කළා. ඔහු දැවී ගියේ අවසන් පිතිකරු ලෙසයි. නායක සුරංග ලක්මාල් නොදැවී ලකුණු 15 ක් ලබාගත්තා. තරගයේ දෙවන දිනය වූ අද දිනයේ ද තනතීරුව දග පන්දු යවන්නන්ට වැඩි සහායක් ලබාදෙන ආකාරය දක්නට ලැබුණා.
තරගයේ පන්දුවෙන් පන්දුව සජීව තොරතුරු ගෙන එන්නේ ලක්හඬ ගුවන් විදුලියයි.