Life+News The Official News Portal of Independent Television Network Ltd

UPDATE : පාර්ලිමේන්තුව හෙට යළි රැස්වෙයි (VIDEO)

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 15, 2018 10:34

UPDATE : පාර්ලිමේන්තුව හෙට යළි රැස්වෙයි (VIDEO)

කතානායකවරයා පාර්ලිමේන්තු සභාගැබෙන් පිටව යාමෙන් පසුව පක්ෂ නායක රැස්වීමක් පවත්වා තිබෙනවා.

එහිදී ගත් තීරණයකට අනුව පාර්ලිමේන්තුව හෙට පස්වරු 01.30ට යළි රැස්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුව අදත් උණුසුම් – කතානායක පිටව යයි

පාර්ලිමේන්තුව අද පෙරවරු 10 රැස්වුණා. අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයෙන් පසුව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමෙන්තුවට යෝජනාවක් ගෙන ඒම සිදුවුණා. ඒ අග්‍රාමාත්‍යවරයාගේ කතාව විශ්වාසයක් නොමැති පවසමින්.

ඒ වෙනුවෙන් නාමික ඡන්දයක් පවත්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකගෙන් ඉල්ලා සිටියා.

ඒත් සමගම සභාගැබ තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා.

ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කථානායක ආසනය දක්වා පැමිණ කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් සහාවේ කටයුතු අඩාල වුණා.

දිගින් දිගටම පවතින නොසන්සුන්තාවය හමුවේ කතානායකවරයා කතානායක අසුනෙන් නැඟිට සභාවෙන් පිටවුණා.

වීඩියෝව පහතින්…..

"එයාට ලොකුයි මට ලොකු නෑ. මේක කජ්ජක්ද?" (Full video)

"එයාට ලොකුයි මට ලොකු නෑ. මේක කජ්ජක්ද?" (Full video)Like us : ITNnews

Posted by ITNnews on Thursday, November 15, 2018

පාර්ලිමේන්තුවේ ගුටිකෙළිය

පාර්ලිමේන්තුවේ ගුටිකෙළියLike us : ITNnews

Posted by ITNnews on Thursday, November 15, 2018

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 15, 2018 10:34
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්