ගජ සුළි කුණාටුව අද ශ්‍රි ලංකාවේ උතුරු වෙරළ තීරය ආසන්නයෙන් ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මුලතිව් සිට කන්කසන්තුරය දක්වා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේඟය පැයට කිලෝ මිටර් 110 දක්වා වැඩි විමේ හැකියාවක් පවතිනවා. ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙසටයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා ඉල්ලිමක් කළේ.
යාපනය අර්ධද්වීපය හරහා පැයට කිලෝ මීටර් 100ක ප්‍රහාරාත්මක සුළං වේගයක් අපේක්ෂා කරන අතර මන්නාරම, පුත්තලම, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොලෝන්නරුව දිස්ත්‍රික්ක වලට ද තද සුළං ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මිලි මීටර් 150ට වැඩි තද වැසි හටගත හැකි බවත් ඔවුන් පෙන්වා දුන්නා.