Life+News The Official News Portal of Independent Television Network Ltd

කතානායකවරයා ව්‍යවස්ථාව නොසළකා හැර ඇති බව ජනපති කියයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 15, 2018 08:41

කතානායකවරයා ව්‍යවස්ථාව නොසළකා හැර ඇති බව ජනපති කියයි

කතානායක කරු ජයසුරිය මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් යන සියල්ල නොසලකා ක්‍රියාකර ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසනවා. කතානායකවරයා යැවු ලිපියට පිලිතුරු ලිපියක් යොමු කරමින් ජනාධිපතිතුමා මේ බව අවධාරණය කරනවා.

පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් නීතිය ඉදිරියේදි විනිශ්චයට භාජනය වී ඇති අවස්ථාවක කතානායකවරයා ගත් ක්‍රියාමාර්ගය එකී නඩුවේ හරයට අගතිදායක බවයි ජනාධිපතිතුමා සදහන් කරන්නේ. ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ යුතු ආකාරය සහ එය සම්මත කර ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ස්ථාවර නියෝගවල සදහන් කර තිබෙනවා. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ස්ථාවර නියෝගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායත් නොසලකා හැර කතානායකවරයා ක්‍රියාකර ඇති බවයි ජනාධිපතිතුමා අවධාරණය කරන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමේ දී පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට විධිවිධාන තිබෙනවා. අග්‍රාමාතවරයා හෝ ආණ්ඩුවට බහුතරයක් ඇති හෝ නැති බව පෙන්වීමේ අවස්ථාවක් හෝ පාර්ලිමේන්තු සම්ප්‍රදායක් නොමැති බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ. එසේම පාර්ලිමේන්තුව නිසි ලෙස සහතික නොකළ අත්සන් ලේඛනයක් යොමු කරමින් අදාළ යෝජනාව සම්මත වූ බවට කරුණු තහවුරු කිරීමට කතානායකවරයා ගත් උත්සාහය ගැන ද කණගාටුව පළ කරන බවයි ජනාධිපතිතුමා සදහන් කරන්නේ. 2015 ජනවාරි 09 වනදා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් දි මු ජයරත්න මැතිතුමාට පාර්ලිමේන්තුවේ ආසන 162 ක් තිබියදී එතුමා ඉවත් කර පාර්ලිමේන්තුවේ ආසන 41 ක් පමණක් හිමිව තිබූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමත්‍ය ධූරයට පත් කළේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ඉල්ලීම මත බවයි ජනාධිපතිතුමා එම ලිපියෙන් පෙන්වා දෙන්නේ. තමා නිකුත් කළ නිවේදනයේ ව්‍යවස්ථානුකූලත්වය නිර්ණය කිරීමට පාර්ලිමේන්තුව වෙර දැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවරුනු තනි සහ අනන්‍ය බලය අතික්‍රමනය කිරීමක් බව ද එයින් කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙස අවධානය යොමු කර නොමැති බව ද ජනාධිපතිතුමා පවසනවා. කතානායකවරයා වශයෙන් පත් වන තැනැත්තා කුමන දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණියද උත්තරීතර පාර්ලිමේන්තුවේ ගෞරවයත් ඒ පිළිබදව ජනතාව තබා ඇති විශ්වාසයත් ආරක්ෂා කිරීමට ස්වාධීනව කටයුතු කිරීමේ වගකීම කණගාටුවෙන් වුවත් සිහිපත් කරන බවයි ජනාධිපතිතුමා සිය ලිපියෙහි තවදුරටත් සදහන් කර තිබෙන්නේ.  කතානායකවරයා එවා ඇති අත්සන් ලේඛනයේ මුල් පිටපතෙහි පරණ දිනයක් මකා ඒ උඩ නොවැම්බර් 14 දිනය ලෙස යොදා ඇති බව ද ජනාධිපතිතුමා සිය ලිපිය මගින් පෙන්වා දෙනවා. එසේම අගමැතිවරයෙකු පත් කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පූර්ණ බලධාරියා වන්නේ ජනාධිපතිවරයා බව ද ජනාධිපතිතුමා සිය ලිපිය මගින් තවදුරටත් සදහන් කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 15, 2018 08:41
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්