ඉදිරි වසර විසිපහේදී අඟහරු ග්‍රහයා වෙත මිනිසුන් යැවිය හැකි බවට නාසා ආයතනය විශ්වාසය පළ කරනවා.
කිලෝමීටර මිලියන 225 ක දුරින් පිහිටා තිබෙන අඟහරු ග්‍රහයා තුළ පවතින විද්‍යාත්මක ගැටලු ඇපලෝ චන්ද්‍ර මෙහෙයුමටත් වඩා සංකීර්ණ බව ද නාසා ආයතනය පෙන්වා දෙනවා. මේ සඳහා තාක්ෂණික හා වෛද්‍ය පහසුකම් සම්බන්ධයෙන් බාධාවක් පවතින බව නාසා ආයතනය සඳහන් කරනවා. රතු ග්‍රහයා වෙත පය තැබීමට පෙර විශ්වයේ සිට එල්ල වන මාරාන්තික විකිරණ හා ඉන් සිදුවිය හැකි අලාභය වැනි කරුණු රැසක් විද්‍යාඥයින් මෙහිදී ජයගත යුතු අභියෝග වනවා. වර්තමාන රොකට් තාක්ෂණයත් සමග ගගනගාමියෙකුට අඟහරු ග්‍රහයා වෙත ළඟා වීමට මාස 9 ක කාලයක් ගත වන බව ද ඔවුන් පවසනවා. රතු ග්‍රහයා මත මිනිසුන් වාසය කිරීම නිශ්චය කිරීම සඳහා 2020 වසරේදී නව මෙහෙයුමක් මගින් රෝවර් යානයක් පිටත් කර හැරීමට සැලසුම් කර තිබෙනවා.