Life+News The Official News Portal of Independent Television Network Ltd

ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ රත්නපුරයේ ගම්මාන රැසක් සංවර්ධනය කිරීමට පියවර

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 14, 2018 11:43

ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ රත්නපුරයේ ගම්මාන රැසක් සංවර්ධනය කිරීමට පියවර

රජයේ සංවර්ධන වැඩපිළිවෙළේ ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ රත්නපුර ප්‍රදේශයේ ගම්මාන රැසක් සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17 ක් සංවර්ධනය කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ. අඩු ආදායම් ලාභීන් සිටින යටිතල පහසුකම් අඩු ගම්මාන රැසක් මේ යටතේ සංවර්ධනය කෙරෙනු ඇති. ඒ අනුව පැල්මඩුල්ල ගනේගම ප්‍රදේශයේ ක්‍රියාත්මක ග්‍රාම ශක්ති වැඩසටහන පිළිබඳ සොයා බැලීම සදහා ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. ස්වයං රැකියා අවස්ථා ඇති කිරීම, මූල්‍යාධාර ලබාදීම, මාර්ග සංවර්ධනය ඇතුළු ව්‍යාපෘති යෝජනා රැසක් ප්‍රදේශවාසීන්ගෙන් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණා. ඒ අනුව ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සදහා රුපියල් ලක්ෂ 350 ක් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කටයුතු කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 14, 2018 11:43
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්