හගුරන්කෙත, හපුවල, දොඩංගොල්ල කන්දේ සිදුවූ නායයාම හේතුවෙන් ටොන් ගණනක මඩ තට්ටුවක් වික්ටෝරියා ජලාශයට එකතුවී තිබෙනවා.
දොඩංගොල්ල කන්දෙන් පහළට ගලා හැලෙන රොන් මඩ පිඟා ඔය ඔස්සේ මා ඔය හරහා පල්ලෙමා ඔය ප්රදේශයෙන් වික්ටෝරියා ජලාශයට එකතුවනවා. අධික බොර පැහැයෙන් යුත් ජල ධාරාවක් වික්ටෝරියා ජලාශයට එකතුවීමෙන් එම ජලය අපවිත්ර වෙමින් පවතිනවා. මේ අනුව පහත හේවාහැට ප්රදේශයට ජලය සපයන මා ඔයේ ජලය අපවිත්රවීම නිසා එහි කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. තලාතුඔය නාවික කදවුර ඇතුළු ප්රදේශ රැසකට ජල සැපයුමට මෙමගින් බාධා එල්ලවී ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.