ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට එංගලන්ත නායක ජෝයි රූට් තීරණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ සුරංග ලක්මාල්. ශ්‍රී ලංකා කණ්ඩායමට රොෂේන් සිල්වා සහ මාලින්ද පුෂ්පකුමාර එක්ව සිටිනවා. ඒ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් හා ක්‍රිකට් පිටියෙන් සමුගත් රංගන හේරත් වෙනුවටයි.
තරගයේ පන්දුවෙන් පන්දුව සජීව තොරතුරු ගෙන එන්නේ ලක්හඩ ගුවන් විදුලියයි.