තම ස්වාමියා මිය ගිය ස්ථානයට වී බලා සිටින සුනඛයකුගේ පුවතක් චීනයෙන් වාර්තා වනවා.
මෙම සත්වයා චීනයේ කාර්ය බහුල මාර්ගයක් අසල දින 80 කට වැඩි කාලයක් මෙසේ තම ස්වාමියා අනතුරට ලක් වූ ස්ථානයේ සැරිසරමින් සිටින බව වාර්තා වනවා. එම සුනඛයාගේ ස්වාමියා පසුගිය අගෝස්තු 21 වනදා හදිසි අනතුරකින් මිය ගොස් තිබෙනවා. සුනඛයා මාර්ගය අසලින් ඉවත් කිරීමට අවට සිටින ජනතාව උත්සාහ දැරුවද එම සත්වයා ඉවත් නොවන බවයි ඔවුන් සදහන් කරන්නේ. අසළ සිටින පිරිස් එම සත්වයාට අහාර පාන ද ලබාදී ඇති බව සදහන්. මේ අතර සුනඛයා සත්ව සුරැකුම් මධ්‍යස්ථානයකට ලබා දීමට ප්‍රදේශයේ ජනතාව කටයුතු කර තිබෙනවා.