Life+News The Official News Portal of Independent Television Network Ltd

“බිස්නස් ටුඩේ” ව්‍යාපාරික සම්මාන උලෙළ ජනපති ප‍්‍රධානත්වයෙන්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2018 09:48

“බිස්නස් ටුඩේ” ව්‍යාපාරික සම්මාන උලෙළ ජනපති ප‍්‍රධානත්වයෙන්

ශ‍්‍රී ලාංකේය ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ විශිෂ්ට කාර්ය සාධකයක් දක්වන සමාගම් ඇගැයීමට ලක් කෙරන “බිස්නස් ටුඩේ 2018” ව්‍යාපාරික සම්මාන උලෙළ ඊයේ (12) පස්වරුවේ කොළඹ ෂැන්ග‍්‍රිල්ලා හෝටලයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

එහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක් වූ අතර, හොඳම ව්‍යාපාරිකයන් ඇගැයීමට ලක් කරමින් සම්මාන පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

“බිස්නස් ටුඩේටොප් 30” නමින් නම් කර තිබූ මෙම සම්මාන උලෙළේ දී ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ 2017/2018 කාල පරිච්ජේදයේ‍ දී විශිෂ්ටත්වයක් පෙන්නුම් කළ ව්‍යාපාරික සමාගම් තිහක් ඇගයීමට ලක් කෙරිණි.

දේශීය ආර්ථිකය මත විශ්වාස තබා රටේ අනාගතය උදෙසා අඛණ්ඩව සිය පෞද්ගලික ආයෝජනයන් සිදු කළ කීර්තිමත් පුද්ගලයන් ඇගැයීමට ලක් කිරීම ද සිදු කෙරිණි.

ශ‍්‍රී ලාංකේය ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ විශිෂ්ට කාර්ය සාධකයක් දක්වන සමාගම් ඇගැයීමට ලක් කරමින් රාජ්‍ය ප‍්‍රධානින්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සම්මාන උලෙළ බිස්නස් ටුඬේ සඟරාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයෝ රැසක් මීට එක්ව සිටියහ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2018 09:48
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්