යේමනයේ ගැටුම්වලින් පුද්ගලයන් 149 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඒ අතර සිවිල් වැසියන් ද වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.
යේමන් කැරළිකරුවන් හා රජයේ හමුදා අතර දින ගණනාවක සිට ගැටුම් පවතිනවා. මානුෂීය අර්බුද ගණනාවක් මතුව ඇති බවයි ජගත් සංවිධානය පෙන්වා දුන්නේ. සිවිල් වැසියන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සම්පාදනය කිරිමේ වැඩපිළිවෙලට ද බලපෑම් එල්ල වුණා.