Life+News The Official News Portal of Independent Television Network Ltd

Update : තීන්දුව පස්වරු පහට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2018 08:41

Update : තීන්දුව පස්වරු පහට

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද පස්වරු පහට ලබාදීමට නියමිතයි. පෙත්සම් විභාගය ඊයේ ආරම්භ වුණා. එහි වැඩිදුරටත් කරුණු සලකා බැලීම අද දවස පුරා සිදුවුණා. මේ අනුව ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූලද නැද්ද යන්න පිළිබද ශ්‍රේෂ්ඨාධීකරණයේ තීන්දුව පස්වරු පහට නිකුත් කෙරෙන බවයි අප අධිකරණ වාර්තාකරු සදහන් කරන්නේ.

Update : පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා සතුයි – නීතිපති කියයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා සතු බව නීතිපති ජයන්ත ජයසුරිය අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.ඒ ජනාධිපතිවරයා ගත් තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණු කෙරුණු පෙත්සම් අද සලකා බැලූ අවස්ථාවේදීයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය අදත්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබද වැඩිදුර සළකා බැලීම අද  සිදු කෙරෙනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් 13 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ  ඉදිරිපත් කෙරුණා. ඉන් දහයක් වෙනුවෙන් නීතිඥවරුන්ගේ වාචික දේශන ද  ඊයේ අවසන් කළා. ඉතිරි පෙත්සම් තුන පිළිබද වාචික දේශන අද  සිදු කෙරෙනවා. එක්සත් ජාතික පක්ෂය ,දෙමළ ජාතික සන්ධානය , ජනතා විමුක්ති පෙරමුණ , ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය , විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පක්ෂ සහ පුද්ගලයින් මෙම පෙත්සම් ගොනුකර තිබුණා. අගවිනිසුරු නලින් පෙරේරා මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම් සළකා බැලීම සිදු කෙරුණේ. මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට  නීතිපතිවරයා ද ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියා. මෙය ජනාධිපතිතුමා ගත් තීරණයක් අභියෝගයට ලක්කිරීමක් බවයි නීතිපතිවරයා සදහන් කළේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2018 08:41
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්