Life+News The Official News Portal of Independent Television Network Ltd

“Kuch Kuch Hota Hai” ප්‍රතිනිර්මාණයට සූදානම්…

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2018 08:30

“Kuch Kuch Hota Hai” ප්‍රතිනිර්මාණයට සූදානම්…

බොලිවුඩයේ ජනප්‍රිය සිනමාකරුවෙකු වන කරන් ජොහාර්ගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වූයේ 1998 වසරේ තිරගත කෙරුණු Kuch Kuch Hota Hai චිත්‍රපටය යි. ඔහු විසින්ම තිර රචනය කළ එහි ශාරුක් ඛාන්, කාජල් සමඟින් රාණි මුඛර්ජි ප්‍රධාන චරිත නිරූපණය කළා. බොලිවුඩ් සිනමාවේ රසික ආදරය දිනූ ප්‍රේමණිය චිත්‍රපට අතර Kuch Kuch Hota Hai චිත්‍රපටයට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයක්.

1999 වසරේ ඉන්දීය ජාතික සම්මාන උලෙළේ සහ ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළේ සම්මාන රැසකට හිමිකම් කියූ Kuch Kuch Hota Hai චිත්‍රපටය පසුගියදා සිය 20 වැනි සංවත්සරය ඉහළින් සමරනු ලැබුවා. කරන් සමඟින් ශාරුක්, කාජල්, රාණි සමඟින් බොලිවුඩ් තරු රැසක් එයට සහභාගි වී සිටියා. එහිදී සුබ පැතුම් අතරේ Kuch Kuch Hota Hai චිත්‍රපටය යළි ප්‍රතිනිර්මාණ කිරීමට කරන් වෙත යෝජනාවක් ඉදිරිපත් වී තිබුණා.

මීට පෙරදීත් ගුවන්විදුලි වැඩසටහනක් අතර රසිකයෙකු කරන් ගෙන් මෙහි දෙවැන්නක් නිර්මාණය කිරීම පිළිබඳ විමසා සිටියා. එහිදී ඔහු පැවසූයේ Kuch Kuch Hota Hai යළි ප්‍රතිනිර්මාණය කරන්නේ නම් හෝ එහි දෙවැන්නක් නිර්මාණය කරන්නේ නම් ආලියා භාත්, රන්බීර් කපූර් සහ ජාන්වි කපූර් අනිවාර්යයෙන් එහි සිටිනා බවයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2018 08:30
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්