පොළොව යට ජීවත්වන වන මිනිසුන් විවිධ චිත්‍රපට හා ප්‍රබන්ධ කතාවලින් අපි දැක තිබෙනවා. අතීතයේ දී විසූ මිනිසුන් ගල් ගුහා හා කඳුවැටි තුළින් ගමන් කරන උමං මාර්ග තුළ ජීවත් වූවත් වර්තමානයේ එවැනි ජීවන රටා දකින්නට ලැබෙන්නේ නැහැ. නූතන ලෝකයෙන් බොහෝ දුරස් වී තිබෙන සැඟවුණු ගෝත්‍රික ජන පිරිස් එසේ ජීවත් වූවත් ඕස්ට්‍රේලියාව වැනි දියුණු රටක මිනිසුන් පොළොව යට ජීවත් වන බව ඔබ දැන සිටියාද?
අප මේ කියන්නට සැරසෙන්නේ ඔස්ට්‍රේලියානු ආදිවාසීන් වන ඇබොර්ජින්වරුන් පිළිබඳව නොවෙයි. අන්තර්ජාල පහසුකම්, භුගත පිහිනුම් තටාක හා භූගත සමාජ ශාලා පවා තිබෙනා ඕස්ට්‍රේලියානු කාන්තාර නගරයක් පිළිබඳව සටහන් කිරීමටයි.
Coober Pedy නගරය දකුණු ඕස්ට්‍රේලියාවේ උතුරු දෙසට වන්නට පිහිටා තිබෙන කුඩා නගරයකි. වර්ෂ 1915දී මෙම ප්‍රදේශයේ ඕපල් නම් මැණික් විශේෂය සොයාගැනීමෙන් පසුව මිනිසුන් විශාල ලෙසින් පැමිණි මෙහි කැණීම් කටයුතු කර තිබෙනවා. මැණික් සොයා ගැනීමට තිබෙන අපහසුව හා කාන්තාරයේ තිබෙන අධික රස්නය නිසා ක්‍රම ක්‍රමයෙන් මෙහි සිටි පිරිස අඩුවී තිබෙනවා.
ලෝක යුද්ධය නිමා වීමෙන් පසුව විවිධ රටවලින් මෙම නගරයට නැවතත් මිනිසුන් පැමිණ තිබෙනවා. වර්තමානයේ මෙම නගරයේ ජීවත්වන මිනිසුන් ප්‍රමාණය 3500ක් පමණ වනවා. සෙල්සියස් අංශක 50ට පමණ ළං වන උෂ්ණත්වයක් වියළි කාලයේ දහවලට හා රාත්‍රී කාලයට සෙල්සියස් අංශක බින්දුව තරම් පහළ උෂ්ණත්වයක් සමහර දිනවලට මෙහි පැවතියත් මෙම නගරයේ වෙසෙන මිනිසුන් පොළව යටට වී සිටින නිසා අධික රස්නයේ හා සීතලේ නොනැසී සැප පහසු ලෙසින් ජීවත් වනවා.
අතීතයේදී කැණීම් සිදුකරන ලද උමං මාර්ග භාවිත කරමින් නිවාසවලට අමතරව පල්ලි, කෞතුකාගාර, තැබෑරුම්, මැණික් හා පොසිල සහිත කලා භවන හා හෝටල් පවා ඉදිකර තිබෙන්නේ මෙම නගරයට ක්‍රම ක්‍රමයෙන් පැමිණෙන සංචාරකයන්ට පහසුව සැලසීම සඳහායි. ජාතීන් 30ක පමණ ජනතාව ඉතා සාමකාමීව ජීවත් වන මෙම නගරයේ තිබෙන භූගත නිවාසවලත් රූපවාහිනී, පරිගණක වැනි නූතන තාක්ෂණික මෙවලම් සියල්ලම පාහේ දැකිය හැකි අතර සමහර නිවාසවල ව්‍යාජ ජනේල පවා බිත්තියට සවි කර තිබෙනවා.
ආසන්නම නගරය වන ඇඩිලේඩි නගරයට කිලෝමීටර් 846ක් උතුරට වන්නට මෙම නගරය පිහිටා තිබෙන මෙම නගරය ඇඩිලේඩි හා ඩාර්වින් යා කරන ස්ටුවර්ට් අධිවේගී මාර්ගය අසල පිහිටා තිබෙනවා. කුඩා ගුවන් තොටුපළක් පවා තිබෙන මෙම නගරයට උතුරින් පිහිටි භූගත ජල තටාකයකින් නගරයට ජලය ලබාගන්නවා.
කූබර් පිඩි හි තිබෙන ගොල්ෆ් ක්‍රීඩාංගණය ලොව තිබෙන වඩාත්ම උණුසුම් ගොල්ෆ් පිටිය ලෙසින් හඳුන්වනු ලබනවා. වසර මිලියන 150කට පමණ පෙර සාගරයෙන් යටවී තිබුණු මෙම කාන්තාර ප්‍රදේශයේ ජලය ඉවත්වන විට සිලිකා ගලා ගොස් පාෂාණ කුහර අතර සිරවී පසුව කාලයත් සමඟ මෙම ඉතාමත් වටිනා මැණික් වර්ගය වන ‘ඕපල්‘ සෑදී තිබෙනවා.
ලෝකයේ විශාලතම ඕපල් අපනයනය මෙම ප්‍රදේශයෙන් සිදුවන නිසා කෝබර් පෙඩි නගරය ලෝකයේ ඕපල් අගනගරය ලෙසින් හඳුන්වනු ලබනවා. සතර දිසාවටම කෙළවරක් නොපෙනෙන කාන්තරයක භූගත නගරයක් තුළ ජීවත් වන අපිට නම් සිතාගන්නවත් බැරි තරම් වූවත් කූබර් පෙඩි ජනයා ජීවත් වන්නේ කවදා හෝ විශාල ඕපල් මැණිකක් හමුවී තමන්ගේ සිහින සැබෑ වන ආකාරය ගැන සිහින දකිමිනුයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/3C87019500000578-0-image-a-12_1485422657071.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/04ddadcce3b5a72dc0772cf1f556baac.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/10188837496_a4e370d355_b.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/116-640×368.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/5282443716_fc3bcdf4ff.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/Coober_Pedy_South_Australia_-_town.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/hqdefault.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/hqdefault-1.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/Opalovyj-podzemnyj-gorod-Kuber-Pedi-16.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/kuber-pedi-village-4_1436-min.jpg”]