වැඩි මිළට භාණ්ඩ අළෙවි කරන ව්‍යාපාරිකයන් සොයා වැටලීම් වැඩි කරන බව පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කළා.
සීනි, පරිප්පු, කරවල සහ සහල් වර්ග ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිළ අඩුකිරිමටයි පියවර ගෙන තිබෙන්නේ. එහෙත් එම භාණ්ඩ වැඩි මිළට අළෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බව පාරිභෝගික අධිකාරිය පවසනවා. එවැනි ව්‍යාපාරිකයන් පිළිබඳ 1977 ක්ෂණික ඇමතුම් අංකයට තොරතුරු ලබාදෙන ලෙසයි පාරිභෝගිකයන්ට දැනුම් දෙන්නේ.