පිසා දහස් ගනණක් පිළියෙළ කරමින් ආජන්ටිනාවේ සූපවේදීන් පිරිසක් ගිනස් ලෝක වාර්තාවක් තැබීමට සූදානම්ව සිටිනවා.
පැය 12ක් තුළ පීසා 11000ක් පිළියෙළ කිරීමයි ඔවුන්ගේ අරමුණ වුණේ. ඒ සදහා අජන්ටිනා සූපවේදීන් 100ක් එක්ව සිටියා.
පාන් පිටි කිලෝග්රෑම් 3000ක්, තක්කාලි සෝස් ලීටර් 3100ක් මේ සඳහා යොදාගත් බව සදහන්. අවම වශයෙන් එක් පීසාවක විශ්කම්භය සෙන්ටිමීටර් 30.5ක් විය යුතු බවයි වාර්තා වුණේ. පැය 12ක් තුළ පීසා 10065ක් පිළියෙළ කරමින් ඉතාලිය මේ වන විට ගිනස් ලෝක වාර්තාවක් තබා තිබෙනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/6-10-2017-pizza-copyrightstarforeman-013.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/BigLouPizza2-660×390.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/pizza-header_tcm25-528648.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/pizzaguinness_web.630×360.jpg”]