අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් පැවති තරගයේදී යුද හමුදා රග්බි කණ්ඩායම පරාජයට පත් කිරීමට හැව්ලොක් රග්බි ක්‍රීඩා සමාජය සමත්වුණා.
හැව්ලොක් ක්‍රීඩා සමාජ ක්‍රීඩා පිටියේ පැවති තරගයේ උණුසුම් මුහුණුවරක් ගත් පළමු අර්ධය නිමා වුණේ කණ්ඩායම් දෙකම 06 බැගින් සම ලකුණු ලබා ගනිමින්. දෙවන අර්ධයේදී ආක්‍රමණශීලී තරග රටාවක නිරත වූ හැව්ලොක් ක්‍රීඩකයින් යුද හමුදා ක්‍රීඩකයින්ට තරගයට පිවිසීමට කිසිදු අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. මේ අනුව තරගය නිමා වුණේ ලකුණූ 23 ට 12 ක් ලෙස පහසු ජයක් හැව්ලොක් රග්බි ක්‍රීඩා සමාජයට හිමිකර දෙමින්.