Life+News The Official News Portal of Independent Television Network Ltd

කැලිෆෝනියාවේ ලැව්ගින්න තවදුරටත්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2018 09:03

කැලිෆෝනියාවේ ලැව්ගින්න තවදුරටත්

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට බලපා ඇති ලැව්ගිනි හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තිස් එක දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ලැව්ගිනි හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ පුද්ගලයින් තුන්ලක්ෂයක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා. අක්කර එක් ලක්ෂ දසදහසක් පමණ ලැව්ගින්නෙන් විනාශ වී ඇති බවයි වාර්තාවන්නේ. දැඩි සුළං සහ වියළි කාලගුණ තත්ත්වය සමග ලැව් ගිනි වේගයෙන් පැතිර යමින් පවතිනවා. අතුරුදන් සංඛ්‍යාව 110ක් පමණ වන බවයි වාර්තාවන්නේ. නිවාස හා ව්‍යාපාරික ස්ථාන හයදහස් හත්සියයක් ගින්නෙන් විනාශ වි තිබෙනවා. කැලිෆෝනියා ප්‍රාන්ත ඉතිහාසයේ දරුණු තම ලැව්ගින්න මෙය බව සදහන්.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2018 09:03
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්