මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගජා සුළි කුණාටුව කන්කසන්තුරය ආසන්නයේ ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දේපාර්තමේන්තුව පවසනවා.
මෙම පද්ධතිය ඉදිරි පැය 24 ඇතුළත තවදුරටත් වර්ධනය වෙමින් ඉදිරි පැය 12 තුළ බස්නාහිර සහ නිරිත දෙසට ගමන් කරනු ඇති බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. එබැවින් ධිවර හා නාවික කටයුතුවලදී අවධානයෙන් පසුවන ලෙස කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා දැනුම් දෙනවා.