Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර 6000ක් පරණ බළල් මමී හමුවෙයි…

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2018 15:07

වසර 6000ක් පරණ බළල් මමී හමුවෙයි…

වසර හයදහසක් පමණ පැරණි බළලුන්ගේ මමි රැසක් සොයාගැනීමට ඊජිප්තු පුරාවිද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබෙනවා. ඊජිප්තුවේ දකුණු ප්‍රදේශයේ සක්කාරා නගරයේ පිරමිඩ කැණීම්වලදීයි මෙම බළල් මමි සොයාගෙන තිබෙන්නේ.

පසුගිය අප්‍රේල් මාසයේ පිරමිඩ ආශ්‍රිත ප්‍රදේශයේ කැණීම් ආරම්භ කෙරුණා. ඉන් සොයාගත් සොහොන් 3ක් බළලුන් සඳහාම වෙන්කර තිබූ ඒවායි. ඊට අමතරව දැවයෙන් හා ලෝකඩවලින් නිර්මාණය කළ බළලුන්ගේ ප්‍රතිමා රැසක් ද  ඊජිප්තු පුරාවිද්‍යාඥයන්  සොයාගෙන තිබෙනවා.

මීට වසර දහස් ගණනකට පෙර ඊජිප්තු ජනතාව බළලුන් ශුද්ධ වූ සතෙකු ලෙසයි සලකා තිබෙන්නේ. මීට අමතරව මමීකරණය කරන ලද කෘමීන් කිහිප දෙනෙකු සොයා ගැනීමට ද ඊජිප්තු පුරාවිද්‍යාඥයන්ට හැකිවුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2018 15:07
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්