Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැති පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගනී

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2018 11:15

අගමැති පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගනී

අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා අතින්.

විජේරාමයේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිවසේදීයි මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේ. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සමග පසුගිය සමයේ දේශපාලන කටයුතුවල නිරත වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 57 දෙනාගෙන් 47 දෙනෙකු ද අග්‍රාමාත්‍යවරයා අතින් පක්‍ෂ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. එමෙන්ම හිටපු මැතිඇමතිවරුන් වන ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන , සුසන්ත පුංචිනිළමේ , නිමල් ලංසා යන මහත්වරුන් ඇතුලු තවත් 5 දෙනෙකු ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අතින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භක සාමාජිකත්වය ලබාගත්තා. උත්සවයෙන් අනතුරුව ඉන්දියා ටුඩේ මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදිනියක මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගෙන් ඉදිරි මැතිවරණ සූදානම පිළිබඳ විමසා සිටියා. මැතිවරණයට හොද සූදානමකින් සිටින බවයි එහිදී අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2018 11:15
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්