Life+News The Official News Portal of Independent Television Network Ltd

Update : ලෝකාන්තයෙන් ඇඳවැටුණු ජර්මන් ජාතික කාන්තාවගේ සිරුර හමු වෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2018 11:01

Update : ලෝකාන්තයෙන් ඇඳවැටුණු ජර්මන් ජාතික කාන්තාවගේ සිරුර හමු වෙයි

ලෝකාන්තයෙන් ඇඳවැටුණු ජර්මන් ජාතික කාන්තාවගේ සිරුර හමුවී තිබෙනවා. ඒ බළංගොඩ නන්පේරියල් වත්ත ප‍්‍රදේශයේදී. යෙහෙළියක් සමඟ ලෝකාන්තය නැරඹීමට ගොස් ඡායාරූප ගැනීමට උත්සාහ කිරීමේ දී ඇය පහළට ඇඳවැටී තිබෙනවා. කාන්තාව සෙවීම සඳහා පොලීසිය, විශේෂ කාර්ය බළකාය හා යුධ හමුදාව ද එක්ව සිටියා.

ලෝකාන්තයෙන් පහළට වැටුණු විදෙස් ජාතික කාන්තාවක් සොයා මෙහෙයුම්

ලෝකාන්තයෙන් පහළට වැටුණු විදෙස් කාන්තාවක් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ජර්මන් ජාතික කාන්තාවක් මෙලෙස ලෝකාන්තයෙන් පහළට ඇදවැටී ඇති බවයි පොලීසිය පවසන්නේ. ඇය සිය යෙහෙළියක් සමඟ ලෝකාන්තය නැරඹීමට ගොස් එම ස්ථානයේ සිට ඡායාරූප ගැනීමට යාමේදී අනතුර සිදුවුණා. කාන්තාව සෙවීම සඳහා විශේෂ කාර්ය බලකාය යුධ හමුදාව සහ වනජීවී නිලධාරීන් එක්ව මෙහෙයුම ආරම්භ කර ඇති බවයි පට්ටිපොළ පොලීසිය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2018 11:01
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්