Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනමාධ්‍ය විෂය පථයත් වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2018 08:47

ජනමාධ්‍ය විෂය පථයත් වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතට

ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් විෂයට අදාළ දෙපාර්තමේන්තු , ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා සියල්ල නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතට පත්කර තිබෙනවා.

2018 නොවැම්බර් 09 වන දිනැති අංක දෙදහස් අනූහය , හැටහත දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගිනුයි ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් විෂයට අදාළ දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා සියල්ල නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතට පත්කර ඇත්තේ. ඒ අනුව ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා වශයෙන් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කටයුතු කරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ. ජනමාධ්‍ය විෂය භාර ලේකම්වරයා ලෙස කටයුතු  කරනුයේ  එම අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතායි.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2018 08:47
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්