අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ නිලධාරින් 08 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. පසුගියදා එම බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විරෝධතාවක නිරත වීමට අදාලව සිදුකළ විමර්ශන වලින් අනතුරුවයි මෙම පියවර ගෙන තිබෙන්නෙ. බන්ධනාගාර බුද්ධි අංශය විමර්ශන කි්රයාත්මක කළ බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළා.