Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර හයකට පසු ලංගමේ වැටුප් වැඩි කෙරේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2018 12:45

වසර හයකට පසු ලංගමේ වැටුප් වැඩි කෙරේ

වසර හයකට පසු ලංකා ගමනා ගමන මණ්ඩලයේ සියලු සේවකයන්ගේ වැටුප් වැඩි කරන බව ප‍්‍රවාහන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. පසුගිය කාලයේ වැටුප් පරිමාණ වැඩි කිරිමට නොහැකි වූයේ පැවති මූල්‍ය දුෂ්කරතා හේතුවෙන්. එභෙත් මණ්ඩලය කි‍්‍රයාත්මක කරන නව මූල්‍ය පරිපාලන ක‍්‍රියාදාමය හේතුවෙන් වැටුප් වැඩි කළ හැකි බව අමාත්‍යාංශය සදහන් කරනවා.

රියදුරු , කොන්දොස්තර , කාර්මික, කම්කරු හා ආරක්ෂක යන බිම්ගත ශ්‍රේණිවල සියලු සේවකයින්ගේ රුපියල් දාහතර දහස් දෙසිය පනහක්ව තිබූ අවම මූලික වැටුප වැඩිවන්නේ රුපියල් විසිපන් දහස් පන්සිය පනහක් දක්වා. විධායක ශ්‍රේණියේ නිලධාරින්ගේ මූලික වැටුප ද ඊට සමගාමිව වැඩි කිරිමටයි නියමිත. නව වැටුප් ක‍්‍රමය එළිදැක්වීම සංඛේතාත්මකව පෙරවරුවේ සිදු කෙරුණා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2018 12:45
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්