ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දැක්වු නාවලපිටිය හයිපොට් ප්‍රදේශයේ පදිංචි රගුපති රත්නම් නැමති ව්‍යාපාරිකයාගේ නිවසට අද (10) අලුයම මැර ප්‍රහාරයක් එල්ල වි තිබෙනවා.
අද අලුයම 12.50 පමණ සිව්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ තම නිවසේ ජනේල්වලට සහ තම මොටර් රථයට සහ තම නිවසේ නතර කර තිබු වෙනත් අයෙකුට අයත් ත්‍රිරෝද රථයකට මෙම මැර පිරිස පහර දි පලා ගිය බවයි රගුපති රත්නසාමි මහතා කියා සිටියේ.
පොලු මුගුරු සහ ගල්අතතිව පැමිණි මෙම පිරිස පහර දි පලා ගිය බවත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් නාවලපිටිය පොලිසියට පැමිණිල්ලක්ද කර ඇති බව රගුපති රත්නසාමි මහතා පැවසුවා.
නිවසට පහර දුන් අය මෙතෙක් හඳුනාගෙන නෑ. මෙම පහර දිම සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/3.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/5.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/7.jpg”]