ජෝර්දානයට බලපා ඇති අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජෝර්දානයේ පැරණි නගරයක් වන පෙට්රා නගරයට පැමිණ සිටි හාරදහසකට ආසන්න සංචාරකයින් පිරිසක් ගංවතුර හේතුවෙන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත්තා.
එම ප්රදේශවල සිටින ජනතාව මුදා ගැනීමේ කටයුතු මේ වනවිටත් ක්රියාත්මකයි. මඩාබා ප්රදේශයේ පුද්ගලයින් පස් දෙනෙකු සමග මෝටර් රථයක් ජල පහරකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා. ඔවුන් සෙවීමේ කටයුතු සදහා හෙලිකොප්ටර් යානා යොදවා ඇති බවද සදහන්.
අකාබා වරාය නගරයේ හදිසි තත්ත්වයක් ප්රකාශයට පත්කිරීමට ද පියවර ගෙන තිබෙනවා. මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර ගමනා ගමනයට ද බාධා එල්ලවී තිබෙනවා. අම්මාන් ප්රදේශයේ නගර රැසක් මීටර් හතරක් පමණ උසට ජලයෙන් යටවී පවතිනවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=HfSJpbVE7ok”]