Life+News The Official News Portal of Independent Television Network Ltd

කප්පාදු කළ රාජ්‍ය සේවය නගාසිටුවීමට අගමැතිගේ අවධානය

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 18:00

කප්පාදු කළ රාජ්‍ය සේවය නගාසිටුවීමට අගමැතිගේ අවධානය

බියෙන් සැකෙන් තොරව රාජ්‍ය නිලධාරීන්ට තම රාජකාරි කටයුතු කරගෙන යා හැකි පසුබිමක් වහාම සලසන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා. රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටු නියෝජිතයන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදීයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටු නියෝජිතයන්ට අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පළ කෙරුණා. මෙවැනි අභියෝගාත්මක අවස්ථාවක අග්‍රාමාත්‍ය ධූරය භාරගෙන රට නිවැරදි දිශානතියකට යොමු කිරීම සදහා නායකත්වය ගැනීම සම්බන්ධයෙන් මෙහිදී රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටු නියෝජිතයෝ රාජපක්ෂ මැතිතුමාට ප්‍රණාමය පළ කළා. මෙම අවස්ථාවේදී මැදිහත් නොවුනේ නම් රට අරාජික තත්ත්වයකට පත්වීමට ඉඩ තිබූ බවයි ඔවුන් පෙන්වා දුන්නේ. තවද පැවති රජය මගින් රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ගනු ලැබූ අහිතකර තීරණ නිවැරදි කරදීම සදහා රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත්වීම අපේක්ෂා කරන බව ද ඔවුන් මෙහිදී දන්වා සිටියා. මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ රාජ්‍ය සේවකයින්ට නිදහසේ සිය රාජකාරි ඉටු කිරීමට නිදහස් පසුබිමක් වහාම සලසා දෙන බවයි.

මහින්ද රාජපක්ෂ මැතිතුමා අද අග්‍රාමාත්‍ය කාර්යාලයේදී එක් එක් විෂය ක්ෂේත්‍රයන්ට සම්බන්ධ වෘත්තීයවේදීන් සමග සාකච්ඡා කළා. එම සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් දැක් වූ වෘත්තීයවේදීන්.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 18:00
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්