Life+News The Official News Portal of Independent Television Network Ltd

මේ මළවුන්ගේ මාසයයි…

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 16:13

මේ මළවුන්ගේ මාසයයි…

වසරේ හැම මාසයකටම කුමන හෝ වැදගත්කමක් ගැන ඉතිහාස ගතවෙලා තියනවා. සෑම වසරකදීම නොවැම්බර් මාසය ලොව පුරා කිතුනු බැතිමතුන්  හඳුන්වන්නේ මළවුන්ගේ මාසය ලෙසිනුයි.

මේ මාසයේ දී තම මළගිය සමීපතමයන් සිහිකිරීම ඔවුන් සිදු කරනවා. බටහිර රටවල ඉතාමත් ජනප්‍රිය හැලොවීන් උත්සවය ආරම්භ වන්නේත් මේ ඇසුරෙන්. මේ අතර මෙක්සිකෝවේ මළවුන්ගේ දිනය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් සමරනවා. ඒ එම රටෙහි පැවැත්වෙන උත්සව අතුරින් විශාලම උත්සවය ලෙසින්.

Day of the Dead හෙවත් Dia de los Muertos u මෙම උත්සවයයි.. මළවුන්ගේ දිනය කියා හැඳින්වූවත් මෙය සැබැවින්ම දින දෙකක් පුරා පැවැත්වෙනවා. බොහෝදෙනා මෙම උත්සවය හඳුන්වන්නේ පුරාතන ඇස්ටෙක් ශිෂ්ටාචාරය හා බැඳුණු සිරිත් විරිත් සහ පසුකාලීන යුරෝපීය ආක්‍රමණ නිසා ලැබුණු ආභාසයන්හි ප්‍රතිඵලයක් ලෙසයි.

සෑම වසරකම නොවැම්බර් මස පළමුවැනිදා හා දෙවැනිදා පවත්වන මෙම උත්සවයේ පළමු දිනය වෙන් කර ඇත්තේ මියගිය කුඩා දරුවන් වෙනුවෙන්. දෙවැනි දිනයේ සැමරෙන්නේ මියගිය වැඩිහිටියන්ට.

නිවෙසේ හෝ සොහොනෙහි පූජාසනයක් සාදා තම පවුලේ මියගිය පුද්ගලයා ප්‍රිය කරන ආහාර, බඩුබාහිරාදිය, මල් හා ඉටිපන්දම් වැනි දෑ තබා තිබෙන්නේ ඉදිනට තමන්ගේ පවුලේ මියගිය සාමාජිකයන් ඔවුන් සමඟ කාලය ගත කිරීමට නිවසට පැමිණෙන බවට ඔවුන් විශ්වාස කරන නිසායි.

මෙම උත්සවය නිසා මෙක්සිකෝව වෙත ලැබී තිබෙන සංකේතයක් ලෙසින් තරමක් ප්‍රසන්න පෙනුමැති පැණි රස හිස් කබල හඳුන්වන්නට පුළුවන්. ‘Sugar skull‘ නමින් හඳුන්වන මෙම හිස් කබල් නිවැසියන් විසින් සාදා හෝ මිලයට ගෙන එහි තම මියගිය පුද්ගලයාගේ නාමය අයිසින්වලින් ලියා පෙර පැවසූ පූජාසනය මත තබනවා. සාමාන්‍ය සීනි හිස්කබල් වෙනුවට චොකලට් හෝ බිස්කට්වලින් සෑදූ හිස්කබල් ද මෙම කාලයට බහුලව දකින්නට ලැබෙනවා.

නිවෙසින් දුර බැහැර ජීවත් වන හෝ වෙන් වී ජීවත් වන පුද්ගලයන් පවා මෙම උත්සවය සැමරීමට තම නිවෙස් වෙත ගමන් කරන අතර පවුලම එකතු වී මියගිය සාමාජිකයන් භූමදානය කර තිබෙන ස්ථානය වෙත ගමන් කරන අතර එම සොහොන් පිටි සුද්ධ පවිත්‍ර කර ඒවා සැරසීමට කටයුතු කරනවා.

මීට අමතරව චාරිත්‍රයක් ලෙසින් මේ කාලයේදී ඔවුන් ආහාරයට ගන්නේ ‘මළගිය පාන්’ ලෙසින් හඳුන්වනු ලබන දොඩම් රසැති පාන් විශේෂයක්. ඇටසැකිලි වැනි ඇඳුමකින් සැරසුණු පුද්ගලයන් වීදිවල සැරිසරන අයුරුද දකින්නට ලැබෙනවා.

මේ සියල්ලටම වඩා මෙම මළවුන්ගේ දිනය ලොව ප්‍රසිද්ධ වී තිබෙන්නෙ මෙක්සිකෝ සිටිහි පැවැත්වෙනා කට්‍රිනා පෙරහර නිසායි. තමන්ගේ මුහුණු විවිධ කට්‍රිනා හිස්කබල් මෙන් සරසාගත් සිය ගණනක් පිරිස විවිධ වර්ණවලින් යුතු විලාසිතාවලින් සැරසී වීදි සංචාරය කරනවා.

මෙම උත්සවයේ සිදු වන තවත් වැදගත් චාරිත්‍රයක් වන්නේ මියගිය පුද්ගලයා හා බැඳුණු හාස්‍යජනක මතකයන් එකිනෙකා හා බෙදාගැනීමයි. මෙහි අරමුණ වන්නේ මියගිය පුද්ගලයන් දුක් සහිතව මතක තබාගැනීම වෙනුවට සතුට හා මුසුවූ මතකයන් අතර තබා ගැනීමයි.

සැබැවින්ම මෙම මුළු උත්සවය මඟින්ම ඔවුන් අපේක්ෂා කරන්නේ එයයි. ඒ නිසා තමයි මළවුන් හා බැඳුණු මෙම උත්සවය ඉතා අලංකාරවත් ලෙසින් සමරා එදින තමන් සමඟ සතුටු වී යෑමට පැමිණෙන මියගිය සාමාජිකයාව සතුටු කරන්නේ.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 16:13
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්