Life+News The Official News Portal of Independent Television Network Ltd

හාලිඇල උණුගොල්ල වතුයායේ නායයාමක අවදානමක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 14:17

හාලිඇල උණුගොල්ල වතුයායේ නායයාමක අවදානමක්

බදුල්ල හාලිඇල , උණුගොල්ල වතුයායේ විශාල නායයාමක අවදානමක් මතුව තිබෙනවා.

මේ වනවිට නිවාස දෙකකට හානි සිදුව ඇති අතර තවත් නිවාස 18 ක් අවදානම් තත්ත්වයක පවතිනවා. එම නිවාසවල පදිංචිකරුවන් මේ නිසා දැඩි අපහසුතාවටයි පත්ව සිටින්නේ. ඉන් පවුල් හයක් දැනටමත් ආරක්ෂිත ස්ථානකරා ගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමගයි උණුගොල්ල වතුයායේ නායයාමේ අවදානමක් මතුවුණේ. අවදානම් නොමැති ප්‍රදේශවලින් ඉඩම් ලබාදෙන ලෙසයි මෙම පවුල්වල වැසියන් ඉල්ලා සිටින්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 14:17
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්