අධික වර්ෂාවත් සමඟ වැවක් කැඩී යාමෙන් අතුරුදන්ව සිටි 6 දෙනෙකු නිරුපද්‍රිතව බේරාගැනීමට ගුවන් හමුදාව සමත් වුණා. මේ අතර අද දිනයේ දී ත් තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මැදිහත්වීමෙන් සහන කටයුතු ද නොකඩවාම සිදුකෙරෙනවා.
මුලතිව් මුහුදුබඩපත්තුව ප්‍රදේශයට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කුමුලමුනෙයි නැගෙනහිර ප්‍රදේශයට අයත් නිත්තකේක්කුලම වැව කැඩී 6 දෙනෙකු අතුරුදන් වුණා. වැව අසල පැල් රකිමින් සිටි එකම පවුලේ මව,පියා සහ පුතා ඇතුළු හය දෙනෙකුයි අතුරුදන්ව සිටියේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දැනුම්දීමකට අනුව වහා ක්‍රියාත්මක වූ ගුවන් හමුදාව ඔවුන් බේරා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හැකිවුණා. ගුවන් හමුදාවේ එම් අයි 17 හෙලිකොප්ටර් යානය මගිනුයි ඔවුන් බේරා ගැනීමට හැකිවුණේ.
https://www.facebook.com/itnnews.lk/videos/260021128193103/
නිත්තකේක්කුලම වැව කැඩී යයි; 6දෙනෙක් අතුරුදන් (PHOTOS)
මුලතිව්, මුහුදුබඩපත්තුව, කුමුලමුනෙයි නැගෙනහිර ප්‍රදේශයට අයත් නිත්තකේක්කුලම වැව කැඩී යාමෙන් වැව අසළ ජීවත්වු පිරිසක් අතුරුදහන්ව ඇති අතර වැව කැඩී යාමෙන් පහල පිහිටි තවත් කුඩා වැව් 6ක් කැඩී ගොස් ඇති බවට මුලතිව් ආපදා කළමනාකරණ ඒකකය පවසනවා.
මේ අනුව නිත්තකේක්තුලම්, ඔඩ්ඩුසුඩාන්හි පිහිටි සාලම්බකුලම්, කරිප්පට්ට මුරිප්පුකුලම්, මාන්තෙයි නැගෙනහිර පාණ්ඩියන්කුලම්, පෙරියකුලම්, කනක්කනාර්කුලම් යන වැව්ද කැඩී ගොස් ඇති බවට මුලතිව් ආපදා කලමානකරන කාර්යාලයට තොරතුරු ලැබී තිබෙනවා. මේ වන විටත් යුද හමුදාවේ 64වන සේනාංකායේ නිලධාරීන් ඇතුලු ගුවන් හමුදා නිලධාරීන්ද එක්ව විපතට පත් වැසියන් බේරා ගැනීමේ කටයුතු සිදු කරමින් සිටිනවා.
වැව් කැඩී යාම හේතුවෙන් මේ වන විට විපතට පත්ව සිටින මුලතිව්හි පවුල් සඛ්‍යාව 202ක්. පුද්ගලයන් 647 දෙනෙක්.
මේ අතර කුමලමුනෙයි ප්‍රදේශවාසීන් පැවසූවේ වැව ආසන්නයේ පැළක පියා, මව හා දරුවෙකු ජීවත්ව ඇති අතර අදාළ පිරිස සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති අතර වැව ආසන්නයේ ගොවිතැන් කළ තවත් ගොවීන් තිදෙනෙකු පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බවටද ආපදා නිලධාරීන් කියා සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගෙන් සිදුකළ විමසීමක දී ආපදා කළමණාකරණ නිලධාරීන් පැවසූවේ ජල ගැලීම්වලට හසුව ප්‍රදේශයේ ගොවි ජනතාව හා ප්‍රදේශවාසීන් හය දෙනෙකු අතුරුදහන්ව ඇති බවට ප්‍රදේශවාසීන් පවසන අතර, අදාළ පිරිස් සොයා මුලතිව් යුද හමුදා නිලධාරීන් සමඟ ඒකාබද්ධව සොයා ගැනීම් මෙහෙයුම් දියත් කොට ඇති බවයි.
ප්‍රදේශයේ ගොවි ජනතාව පැවසූවේ වැව කැඩීම හේතුවෙන් ප්‍රදේශයේ කුඹුරු ඉඩම් සියල්ල යටවි ඇති අතර වැස්ස වැඩි වුවහොත් ජල ගැලීම් හේතුවෙන් ගම්මාන යටවීමේ අවදානමක් මතුව ඇති බවයි.
වසර 35කට පසුව වැව මේ වර්ෂයේ රුපියල් මිලියන 15ක මුදලින් ප්‍රතිසංස්කරණය කොට තිබු අතර, එලෙස ප්‍රතිසංස්කරණය කළ කුමලමුනෙයි නිතකේකුලම් වැව මෙලෙස කැඩී ගොස් ඇති බවද වැව් බැම්ම කැඩුණ ස්ථානය කඩිනමින් සකස් නොකළහොත් වැව සම්පූර්ණයෙන් සිදී යනු ඇති අතර, වැවේ ජල ධාරිතාව අඩි 13ක් වන බවද ප්‍රදේශයේ ගොවි ජනතාව පවසනවා.
මුලතිව් ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් පැවසූවේ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ නිවාස රැසක් ජලයෙන් යටවි ඇති බවයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/625.0.560.320.160.600.053.800.700.160.90-14.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/03.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/02.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/05.jpg”]