Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු නැගෙනහිර සංවර්ධනයේ ප්‍රගතිය ජනපතිගේ අවධානයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 17:35

උතුරු නැගෙනහිර සංවර්ධනයේ ප්‍රගතිය ජනපතිගේ අවධානයට

උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනය සදහා ජනාධිපතිතුමා පත්කරන ලද විශේෂ ජනාධිපති කාර්යසාධන බලකාය සිව්වන වරටත් අද (08) ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා. ඉකුත් මාස දෙක තුළ එය ඉතා සක්‍රීය ලෙස උතුරු නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක කෙරුණු අතර එම කටයුතු අත්කරගෙන ඇති ඉහළ ප්‍රගතිය පිළිබද ජනාධිපතිතුමා මෙහිදී සිය සතුට පළකළා.

දීර්ඝ කාලයක් පුරා පැවති යුද්ධයෙන් පසුබෑමට ලක්වූ උතුරු නැගෙනහිර පළාත්වල දියත්කර ඇති සංවර්ධන වැඩපිළිවෙළ කඩිනම් කරමින් එහි ජන ජීවිතය සමෘද්ධිමත් කිරීම උදෙසා ජනාධිපතිතුමා පසුගිය අගෝස්තු මාසයේ දී විශේෂ ජනාධිපති කාර්යසාධන බලකාය පිහිටවනු ලැබුවා. මෙම විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකාය උතුරු සහ නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබද සොයා බලන අතර තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු නව ව්‍යාපෘති සම්බන්ධයෙන් සැළසුම් සකස් කිරීම සිදුකරනවා. ප්‍රමුඛ අවශ්‍යතාව පිළිබද සළකා බලමින් එම ක්ෂේත්‍ර සහ පුද්ගල කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් නව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මකයි. සිව්වන වරටත් අද (08) රැස්වුණු ජනාධිපති කාර්ය සාධන බලකායේ නව වැඩපිළිවෙළ ඉතා ශක්තිමත්ව ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා පැවසුවා. එහිදී ජනාධිපතිතුමා තවදුරටත් ඉල්ලා සිටියේ එම වගකීම් ඉටුකිරීමට සාමූහිකව සියලු පාර්ශ්වයන්ට එක්වන ලෙසයි. එහිදී උතුරු නැගෙනහිර පළාත්වල පානීය ජල සම්පාදන කටයුතු විධිමත් කිරීම සහ ඒ සදහා ක්‍රියාත්මක කළ යුතු කඩිනම් වැඩසටහන් පිළිබද විශේෂ අවධානයක් යොමු කෙරුණා.

එම පළාත් තුළ මතුව ඇති සංවර්ධන ගැටලු සහ ජනතා අවශ්‍යතා පිළිබද තොරතුරු පළාත් ආණ්ඩුකාරවරුන් මෙහිදී ඉදිරිපත් කළා. ඒ අනුව උතුරු නැගෙනහිර ආරක්ෂක අංශ භාරයේ පැවති රජයේ ඉඩම් වලින් සියයට හත්තෑනවයයි දශම එකක් ද පෞද්ගලික හිමිකාරිත්වය සහිත ඉඩම් වලින් සියයට අනූවයි දශම දෙකක් ද නිදහස්කර ඇති බව අනාවරණය කෙරුණා. මෙසේ නිදහස් කළ ඉඩම් අතරට නඩේෂ්වරා විදුහල ඇතුළු පාසල් ද මයිලඩි ධීවර වරාය ඇතුළු ආර්ථික වැදගත් ස්ථාන සහ ආගමික ස්ථාන රැසක් ද ඇතුළත්. පළාත් ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් ගෙනයන වැඩසටහන් පිළිබදව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණා. මඩු පූජා භූමියේ ප්‍රතිසංස්කරණ කටයුතුවල මෙන්ම අලිමංකඩ ලුනු ලේවායේ සංවර්ධන කටයුතු ඇතුළු තවත් විශේෂ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය ද මෙහිදී සළකා බැලුනා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 17:35
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්