Life+News The Official News Portal of Independent Television Network Ltd

අමාත්‍යාංශ ලේකම්වරු කිහිප දෙනෙක් අද වැඩ අරඹයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 17:20

අමාත්‍යාංශ ලේකම්වරු කිහිප දෙනෙක් අද වැඩ අරඹයි

අමාත්‍යාංශ කිහිපයක් සදහා පත් කළ  ලේකම්වරුන් කිහිප දෙනෙකු අද සිය රාජකාරි ආරම්භ කළා.

ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ ආචාර්ය චරිත හේරත් මහතා නව ධූරයේ රාජකාරි ආරම්භ කළා. ඒ ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේදීයී. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලෙස කලක් කටයුතු කළ ඒ මහතා ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු ද වනවා. ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලන රමණී ගුණවර්ධන මහත්මිය  සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් කළ වසන්තා පෙරේරා මහත්මියද අද රාජකාරී ආරම්භ කළා. මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත්  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේඛ ලේකම්, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සහ විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ නිපුණතා සංවර්ධන වෘත්තීය පුහුණු හා කන්ද උඩරට උරුමයන් පිලිබද අමාත්‍යාංශ ලේකම්වරිය  ලෙස ද ඒ මහත්මිය මීට පෙර කටයුතු කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන ස්වදේශකටයුතු හා අධිකරණ අමාත්‍යාංශයේ නව ලේකම් ජේ ජේ රත්නසිරි මහතා ද සිය ධුරයේ රාජකාරි ආරම්භ කළා. ඒ මහතා මීට පෙර රාජ්‍ය පරිපාලන හා උසස් අධ්‍යාපන යන අමාත්‍යාංශවල ලේකම් ධුර දරා තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 17:20
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්