Life+News The Official News Portal of Independent Television Network Ltd

බදු අභියාචනා කොමිෂන් සභාව සක්‍රීය කෙරේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 16:33

බදු අභියාචනා කොමිෂන් සභාව සක්‍රීය කෙරේ

බදු අභියාචනා කොමිෂන් සභාව සක්‍රීය කිරීමට නව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පියවර ගෙන තිබෙනවා. ඒ අනුව බදු කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විනිසුරු හෙක්ටර් යාපා මහතා පත්කර තිබෙනවා. විනිසුරු සුනිල් රාජපක්ෂ සහ හිටපු විගනකාධිපතිවරයෙකු වන එස් ස්වර්ණජෝති යන මහත්වරුන් එහි සෙසු සාමාජිකයන්  වනවා.

බදු කොමිෂන් සභාව පිහිටුවීම තුළින් බදු ගෙවන්නෙකුට යම් ගැටලුවක් වේනම් ඉක්මනින් විසදා ගැනීමට හැකියාව ලැබෙනවා. එසේම ගෙවිය යුතු යම් බද්ධක්, ගාස්තුවක් හෝ අයකිරීමක් පිළිබදව දුක් ගැනවිල්ලක් තිබේ නම් ඒවාද බදු අභියාචනා කොමිෂන් සභාවට යොමුතළ හැකියි.

එම අභියාචනා විභාග කිරීමෙන් අනතුරුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හෝ රේගු දෙපාර්තමේන්තුවේ තීන්දු හා නියමයන් සංශෝධනය කිරීමට කොමිසමට බලය හිමිවනවා. බදු ගෙවන්නන් ඉදිරිපත් කළ අභියාචනා 224 ක් මේ වනවිට කොමිසම හමුවේ නොවිසදී තිබෙනවා. කොමිසම යළි සක්‍රීය කිරීම තුළින් ඊටද විසදුම් ලැබෙනු ඇති බවයි මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය සදහන් කරන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 16:33
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්