Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවට 462ක ඉලක්කයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 17:01

ශ්‍රී ලංකාවට 462ක ඉලක්කයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ සංචාරක එංගලන්ත කණ්ඩායම කඩුලු 06 ක් දැවී ලකුණු 322 ක් ලබා  සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. තරගය තුන්වන දිනයට නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම සදහා කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 15 ක් ලබා ගත්තා. මේ අනුව තරගයේ ජයග්‍රහණය සදහා ශ්‍රී ලංකාව තවත් ලකුණු 447 ක් ලබා ගත යුතුයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 342 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 203 ක් පමණයි. ඒ අනුව ලකුණු 139 ක් ඉදිරියෙන් සිටිමිනුයි සිය දෙවන ඉනිම එංගලන්ත කණ්ඩායම ආරම්භ කළේ.

මෙම තරගයේ සියළු ප්‍රවේශපත්‍ර විකිනී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. ක්‍රීඩා පිටියට පැමිණ තරගය නරඹන ප්‍රේක්ෂකයින් අතර විදේශිකයින් රැසක් සිටීම කැපීපෙනෙනවා. ලොව වමත් හොදම පන්දු යවන්නා ලෙස සැළකෙන රංගන හේරත් මෙම තරගයෙන් පසු ක්‍රිකට් පිටියෙන් සමු ගන්නවා. මේ හේතුවෙන් තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් බවයි නායක දිනේෂ් චන්දිමාල් පවසන්නේ.

තරගයේ පන්දුවෙන් පන්දුව සජීව තොරතුරු ගෙන එන්නේ ලක්හඬ ගුවන් විදුලියයි.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 17:01
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්