Life+News The Official News Portal of Independent Television Network Ltd

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 16:40

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ලබන 21 වනදා දක්වායි. මහ බැංකු බැදුම්කර නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අද විභාගයට ගත් අවස්ථාවේයි මෙම නියෝගය නිකුත් කෙරුණේ. මේ අතර පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්‍රි ජෝසප් ඇලෝසියස් යන අයට විදේශ ගතවීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබාදුන්නා. ඒ නීතිපති දෙපාර්තමේන්තුවේ විරෝධතාවක් නොමැති බවට කළ දැනුම් දීමෙන් පසුවයි. මේ අතර බැදුම්කර ගනුදෙනු විමර්ශනය සදහා පත්කළ විශේෂ ජනාධිපති කොමිසමට විකෘති කළ සීඩී තැටි ලබාදීමේ සිද්ධියට අදාළව ද සැකකරුවන් දෙදෙනා ලබන 21 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 16:40
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්