ඇමෙරිකාවේ උප ජනාධිපති මයික් පෙන්ස් ජපානයේ සංචාරයකට එක්වීමට නියමිතයි.
ලබන 12 සහ 13 යන දිනවලදී ජපානයේ සංචාරයකට එක්වීමට ඇමෙරිකා උප ජනාධිපතිවරයා සැලසුම් කර තිබෙනවා. එහිදී ඔහු ජපානයේ ඉහළ පෙළේ නිලධාරීන් හමු වීමට නියමිතයි. ජපානය සහ උතුරු කොරියාව අතර සහයෝගීතාව වර්ධනය සහ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති. දෙරට අතර ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති. පැපුවා නිව්ගිනියාවේ පැවැත්වෙන ආසියා පැසිපික් ආර්ථික සහයෝගීතා සමුළුවට ද ඇමෙරිකා උප ජනාධිපතිවරයා සහභාගී වනවා. මෙම සංචාරයෙන් අනතුරුවයි ඔහු ජපානයේ සංචාරයට එක් වන්නේ.