තමා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සමාජ ජාල වෙබ් අඩවි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරිම හෙළාදකින බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
පවුලේ අතිශය වැදගත් කටයුත්තක් සදහා විදේශගතව සිටින මෙවන් අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය ගෙන යන අසත්‍ය ප්රචාරයන්ට නොරැවටෙන ලෙසයි අලගියවන්න මහතා සහෝදර පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ.
තම දේශපාලන ජීවිතය ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා පක්ෂ සාමාජිකත්වය ශක්තිමත් කිරිම වෙනුවෙන් කැපකර තිබෙනවා.
වර්තමානයේත් , අනාගතයේත් නිදහස් පක්ෂය හා එහි නායකයා සමඟ රටේ පොදු යහපත වෙනුවෙන් කටයුතු කරන බවයි ලසන්ත අලගියවන්න මහතා වැඩිදුරටත් සදහන් කළේ.