ශ්‍රී ලාංකේය සිනමාව තුළ නිර්මාණය වූ ළමා චිත්‍රපට අතුරින් අදටත් කතාබහ කරන අදටත් මතකයේ රැදුණු සිනමාපට කිහිපයක්ම තිබෙනවා. ඒ අතරින් “සරෝජා” කියන්නේ අපි හැමෝගෙම ආදරය දිනා ගත්ත බොහොම අපූරු සිනමා නිර්මාණයක්.
එම චිත්‍රපටයත් සමගින් එහි ප්‍රධාන චරිතවලට පණ පෙවූ ප්‍රමුදි කරුණාරත්න සහ නිත්‍යවානි කන්දස්වාමි ගැන බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා. මොවුන් දෙදෙනාම දැන් විවාහකයි.
සරෝජාගේ චරිතය නිරූපණය කළ නිත්‍යවානි පසුගියදා සිය යුගදිවියට එළඹුණ අතර ප්‍රමුදි කරුණාරත්න මේ වන විට මවක් වීමට සූදානමිනුයි සිටින්නේ.
සිය මංගල දිනය වෙනුවෙන් නිත්‍යවානි කන්දස්වාමි ඇය හා එකට රංගනයන් ඉදිරිපත් කළ එවකට වූ හිතමිතුරන්ට ආරාධනා කරන්නත් ඇය අමතක කර තිබුනේ නැහැ.
ඒ අතර කාලයක් පුංචි තිරයේ දකින්නට නොලැබුණු ප්‍රමුදි මෙම විවාහ මංගල උත්සවයට එක්ව තිබුණා.කුඩා කළ තම මිතුරිය වූ ප්‍රමුදි තම විවාහයට පැමිණීම පිළිබඳව තමන් ඉතාමත් සතුටු වන බව නිත්‍යවානී මෙහිදී කියා සිටියා. එමෙන්ම මේ වනවිට මව් පදවිය අපේක්ෂාවෙන් ඉන්න තම මිතුරියට සුබ පතන්නත් නිත්‍යවානී අමතක කළේ නැහැ.
ඉතිං රිදී තිරය වර්ණවත් කළ මේ පුංචි සුරංගනාවිගේ නව දිවියට පැමිණ සිටි සියලු දෙනාම සුබ පැතුම් එක් කළා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/45401785_938947139623598_5076729757089923072_n.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/45453414_1006869342829311_1523779492391157760_n.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/45426777_938947056290273_1351581660650405888_n.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/45292660_1102078283301290_5830392274386681856_n.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/45452580_938947192956926_3063799802316718080_n.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/45313818_1006869449495967_7390090110122852352_n.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/15621898_1502943796401181_6440610506881099679_n.jpg”][ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/1.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/45576455_1008138119369100_1367338998011265024_n.jpg”]