ඇමෙරිකාවේ මධ්‍යකාලීන මැතිවරණයේ දැනට නිකුත් වී ඇති ප්‍රතිඵලවලට අනුව එරට සෙනෙට් සභාවේ බලය ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයටත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ඩිමොක්‍රොටික් පක්ෂයටත් හිමිව තිබෙනවා.
වසර 08 කට පසුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ගිලිහෙනු ඇති බව විදෙස් විචාරකයින් පෙන්වා දෙන්නේ. මෙය ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වූ රතු එළියක් බවයි දේශපාලන ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මෙම ඡන්දය 2020 ජනාධිපතිවරණයටද දැඩි බලපෑමක් එල්ල කරනු ඇති. ඇමෙරිකා ජනාධිපතිවරයාගේ වසර 4 ක නිල කාලයෙන් වසර දෙකක් ගෙවී යාමෙන් පසුවයි මෙම මැතිවරණය පැවැත්වුණේ. ඒ ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435 කට මහජන නියෝජිතයින් තෝරාපත්කර ගැනීම සඳහායි.
සෙනෙට් සභාවේ ආසන 100ක් අතුරින් ආසන 35 කට මහජන නියෝජිතයින් පත්කර ගැනීම හා ප්‍රාන්ත 39 කට ආණ්ඩුකාරවරුන් පත් කර ගැනීම ද මධ්‍ය කාලීන මැතිවරණය තුළින් සිදුවනවා. දැනට නිකුත් වී ඇති ප්‍රතිඵලවලට අනුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්වී ඇති බව සදහන්. 29 හැවිරිදි ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ කෝටෙස් සහ ඇබී ෆින්කෙනර් පත්වූ තරුණ ඩිමොක්රටික් අපේක්ෂකයින් වනවා. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට පත් වූ අනෙකුත් කාන්තාවන් සියලු දෙනාම ඩිමොක්‍රොටික් පක්ෂයේ වීම විශේෂත්වයක්. මෙලෙස නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ඩිමොක්‍රොටික් පක්ෂයට හමිවීම තුළින් ට්‍රම්ප්ගේ ඉදිරි දේශපාලන තීරණ ගැනීමේදී දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා. මෙවර ඡන්ද ප්‍රකාශ කිරීම සදහා ජනතාව අතර දැඩි උනන්දුවක් පැවති බවයි මැතිවරණ නිරීක්ෂකයින් සදහන් කරන්නේ.