Life+News The Official News Portal of Independent Television Network Ltd

ආසියාවේ ප්‍රථම සෞඛ්‍ය සායන මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ජනතාවගෙන් ඉලීමක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 11:09

ආසියාවේ ප්‍රථම සෞඛ්‍ය සායන මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ජනතාවගෙන් ඉලීමක්

ආසියාවේ ප්‍රථම සෞඛ්‍ය සායන මධ්‍යස්ථානය ඉතා ඉක්මණින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

සෞඛ්‍ය සායන මධ්‍යස්ථානයේ වහළය දිරාපත්වීම නිසා මේ වන විට සායන කටයුතු ද නවතා දමා තිබෙනවා. මෙම සායන කටයුතු නවතා දමා මාස කිහිපයක් ගත වුවත් තවමත් විසදුම් ලැබී නැති බවයි ජනතාව පෙන්වා දෙන්නේ. වහළය දිරාපත්වීමේ අවදානම් දැන්වීම් අලවා මෙම ගොඩනැගිලි වසා දමා ඇති ආකාරය දක්නට තිබෙනවා. ගොඩනැගිල්ල අවට මේ වන විට වල්බිහි වී ඇති අයුරුද අප වාර්තාකරුගේ කැමරා කාචයට හසු වුණා. 1927 දී ස්ථාපිත කරනු ලැබූ කළුතර කොහොලාන ප්‍රදේශයේ පිහිටි මෙම සෞඛ්‍ය සායන මධ්‍යස්ථානය ආසියාවේ ප්‍රථම සෞඛ්‍ය සායනය ලෙසයි සැළකෙන්නේ. කළුතර ජාතික සෞඛ්‍යය විද්‍යායතනය මගින් මෙය පාලනය වන බවයි අප වාර්තාකරු සදහන් කරන්නේ. මේ පිළිබද වහාම බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසයි ජනතාව ඉල්ලා සිටිනේ.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 11:09
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්