Life+News The Official News Portal of Independent Television Network Ltd

නිවාස 20ක් විනාශ කළ වන අලියෙකු අල්ලා ගනී

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 09:40

නිවාස 20ක් විනාශ කළ වන අලියෙකු අල්ලා ගනී

මාස තුනක් තිස්සේ නිවාස 20 කට අධික සංඛ්‍යාවක් විනාශ කළ වන අලියෙකු අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකිවුණා.

හබරණ, දිගම්පතන, මීගස්වැව ආදී ප්‍රදේශවල ගැවසුනු මෙම වන අලියා හිරිවඩුන්න ප්‍රදේශයේ දී අල්ලාගෙන තිබෙනවා. ඒ දඹුල්ල සහ ගිරිතලේ වනජීවී කාර්යාලවල නිලධාරීන් එක්ව කළ මෙහෙයුමකින් අනතුරුවයි. මෙම වන අලියාගේ සිරුරෙහි වෙඩි පහරවල් රැසක් පවතින අතර ඒ හේතුවෙන් ඇස් දෙකම අන්ධව ඇති බවයි වන ජීවී නිලධාරීන් පවසන්නේ. අධික වර්ෂාවත් නොතකා දැඩි පරිශ්‍රමයකින් අල්ලා ගත් මෙම වන අලියා හොරොව්පතන අලි සංරක්ෂනාගාරය වෙත රැගෙන යාමට කටයුතු කෙරුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 09:40
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්