Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරාකයේ ප්‍රදේශ රැසකින් සමූහ මිනීවලවල් 200 කට වැඩි ප්‍රමාණයක් හමු වෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 09:30

ඉරාකයේ ප්‍රදේශ රැසකින් සමූහ මිනීවලවල් 200 කට වැඩි ප්‍රමාණයක් හමු වෙයි

අයි එස් සංවිධානයේ පාලනය යටතේ තිබූ මුදාගනු ලැබූ ඉරාකයේ ප්‍රදේශ රැසක තිබී සමූහ මිනීවලවල් 200 කට වැඩි ප්‍රමාණයක් හමුවී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සිදුකළ පරීක්ෂණයකදී හෙළිව තිබෙනවා.

ඉරාකයේ උතුරු හා බටහිර නයින්වේ, කිර්කුක්, සලාහුදීන් සහ අන්බර් යන ප්‍රදේශවල තිබී මෙම සමූහ මිනීවලවල් සොයාගෙන තිබෙනවා. එම වාර්තාවට අනුව මෙම සමූහ මිනීවලවල් තුළ මළ සිරුරු දොළොස්දහසකට වැඩි ප්‍රමාණයක් තිබිය හැකි බවද සඳහන් වනවා. 2014 වසරේ දී අයි එස් සංවිධානය ඉරාකයේ කොටසක බලය සිය අතට පත්කර ගනිමින් මිලේච්ඡ පාලනයක් ගෙනගියා. ඔවුන්ගේ පාලනයට විරුද්ධ වූ පිරිස් මෙසේ ඝාතනය කර තිබෙනවා.

මේ වනවිට ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා සහ ඉරාක රජයේ හමුදා එක්ව සිදුකළ මෙහෙයුම් වලින් ඉරාකයේ අයි එස් සංවිධානය මුලිනුපුටා දමා තිබෙනවා. නවතම වාර්තාවලට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මානව සංහාරයක්, හිමිකම් උල්ලංඝනය කිරීම් සහ යුද අපරාධ යටතේ ම්ලේච්ඡ ප්‍රහාරයට වගකිව යුතු පාර්ශ්ව වලට එරෙහිව නඩු පැවරිය හැකි බවයි.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 09:30
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්