Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැති පත් කිරීම ව්‍යවස්ථා විරෝධී නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 18:13

අගමැති පත් කිරීම ව්‍යවස්ථා විරෝධී නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න

අග්‍රාමාත්‍ය තනතුර පත් කිරීම ව්‍යවස්ථා විරෝධී නම් ඕනෑම කෙනෙකුට ශ්‍රේෂඨාධිකරණයට යාමේ හැකියාවක් ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසනවා. රට රකින ජන මහිමය වේදිකාවේ දී ජනාධිපතිතුමා මේ බව සදහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු  ජන පෙරමුණ හා නව රජයට සහායට එක්වූ වෙනත් දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් සංවිධාන එක්වයි මෙම ජන හමුව සංවිධාන කර තිබුණේ. ලක්ෂ දෙකකට අධික ජනතාවක් මෙම ජන හමුවට සහභාගී වී සිටියා. උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාව ද මීට එක්ව සිටීම කැපී පෙනුනා. ජනතාව මහත් උද්යෝගයෙන් ජන හමුව ආරම්භ වීමට පැය දෙක තුනක පෙර සිටයි පාර්ලිමේන්තු වටරවුමට පැමිණ සිටියේ. ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කර ගැනීම සම්බන්ධයෙන් ජනතාව ජනාධිපතිතුමාට ජය ඝෝෂා කළා. එමෙන්ම ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා වේදිකාවට පැමිණෙද්දී ඉහළ ජනතා ප්‍රතිචාරයක් ලැබීම ද මෙහිදී කැපී පෙනුණා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 18:13
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්