ජපානයේ ළමයින් සිය දිවි හානි කර ගැනීම පසුගිය දශක තුනක සිට ඉහළ ගොස් ඇති බව එරට අධ්‍යාපන අමාත්‍යාංශ වාර්තා සදහන් කරනවා.
2016 වසරේ සිට මේ දක්වා ළමයින් 250 දෙනෙකු පමණ සිය දිවි හානි කර ගෙන ඇති බවයි වාර්තාවන්නේ. පවුල්වල පවතින ගැටලු සහ ඔවුන්ගේ අනාගතය සම්බන්ධයෙන් පවතින කනස්සලු ස්වභාවය ආදිය ඊට හේතුවී ඇති බවද සදහන්. වැඩි වශයෙන් සිය දිවි හානි කර ගැනීමට යොමුවී ඇත්තේ අවුරුදු 18ට වැඩි පිරිස් බවද එරට වාර්තා සදහන් කරනවා.