කැමරුන් රාජ්‍යයයේ පාසල් දරුවන් පිරිසක් පැහැරගැනේ
Related Articles
කැමරුන් රාජ්‍යයයේ පාසලක දරුවන් ඇතුළු තවත් පිරිසක් පැහැරගැනීමේ සිද්ධියක් වාර්තාවනවා.
කැමරුන් රාජ්‍යයයේ බමෙන්ඩා ප්‍රදේශයේ පිහිටි පාසල් නේවාසිකාගාරයක සිටි දරුවන් 79 දෙනෙකුට ආසන්න පිරිසක් සහ එම පාසලේ විදුහල්පතිවරයා ඇතුළු තුන් දෙනෙකු මෙසේ පැහැර ගැනීමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. දරුවන් වයස අවුරුදු 10ත් 14ත් අතර වයස්වල පසුවනවා. ඔවුන් බේරා ගැනීම සදහා කැමරුන් රාජ්‍යයේ ආරක්ෂක අංශ දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. කැමරුන් රාජ්‍යයේ වයඹ දිග සහ නිරිත දිග ප්‍රදේශ පසුගිය කාලසීමාවේදී බෙදුම්වාදී කැරලිකරුවන්ගේ ග්‍රහණයට හසුව තිබුණා. එම ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා පවසන්නේ මෙම පැහැර ගැනීම බෙදුම්වාදී කැරලිකරුවන් සිදු කරන්නට ඇති බවයි.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment