Life+News The Official News Portal of Independent Television Network Ltd

රට තුළ ස්ථීර සාමය සහ සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් ගතයුතු සෑම පියවරක්ම ගන්නා බව ජනපති පවසයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 15:19

රට තුළ ස්ථීර සාමය සහ සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් ගතයුතු සෑම පියවරක්ම ගන්නා බව ජනපති පවසයි

රට තුළ ස්ථීර සාමය සහ සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් ගතයුතු සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපතිතුමා පවසයි.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවැති විශේෂ දීපාවලී සැමරුම් උත්සවය අමතමිනි.

ලොව පුරා හින්දු බැතිමතුන් උත්සවශ්‍රී යෙන් සමරන දීපාවලී උත්සවය නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ දීපාවලි යනු සමාජ සාධාරණත්වය සහ යුක්තිය ඉටු වූ දිනය බවයි.රටේ ජීවත්වන සෑම කෙනෙකුටම යුක්තිය සහ සාධාරණත්වය ඉටුවිය යුතු බව සඳහන් කළ ජනාධිපතිතුමා සියලූ ජාතින් අතර සමගිය සහ සහජීවනය ශක්තිමත්විය යුතු බව ද කියා සිටියේ ය.

සංස්කෘතිකාංග රැසකින් ද මෙම සැමරුම් උත්සවය වර්ණවත් වූ අතර ජනාධිපතිතුමා මෙහිදී සියලූ හින්දු බැතිමතුන් වෙත සිය සුභාශිංසන පිළිගැන්වීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂනායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන් යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු රැසක් සහ තානාපතිවරු ඇතුළු ආරාධිත පිරිසක් ද, හින්දු බැතිමතුන් විශාල පිරිසක් ද මෙම උත්සවයට එක්ව සිටියහ.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 15:19
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්