Life+News The Official News Portal of Independent Television Network Ltd

බොලිවුඩය ජයගත් කොලිවුඩ් නිළිය

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 13:25

බොලිවුඩය ජයගත් කොලිවුඩ් නිළිය

ඉන්දියානු සිනමාව මේ වන විට විශාල වානිජ කර්මාන්තයක් බවට පත්ව හමාරයි. ඉන්දියානු සිනමාව තුළ හින්දි චිත්‍රපට පමණක් නොව දමිළ මෙන්ම තව තවත් භාෂාවන්ගේ චිත්‍රපට ද නිර්මාණය වෙමින් පවතිනවා. මේ කාරණාව හේතුවෙන් ඉන්දියානු සිනමාව තුළ වැජඹෙන ඇතැම් රංගන ශිල්පීන්ට අසාධාරණයක් ද සිදුව තිබෙන බවටයි සඳහන් වෙන්නේ.

හින්දි සිනමාව තුළ මේ වනවිට වැජඹෙන බොහෝ රංගන ශිල්පීන් දමිළ සිනමාවෙන් හෝ තෙළිඟු සිනමාව තුළින් කරළියට පැමිණ තිබෙනවා. පසුගියදා ඉන්දියානු මාධ්‍ය ඔස්සේ කතා වන පුවතක් පිළිබඳව බොහෝ දෙනා අවධානය යොමුකර තිබුණා. ඒ ‘ජූලි 02′ චිත්‍රපටය පිළිබඳව යි. මෙම චිත්‍රපටයේ විශේෂ හේතුවක් වන්නේ ප්‍රධාන එක් චරිතයක් ඔස්සේ සමස්ත චිත්‍රපටය නිර්මාණය වීමයි. මෙම චිත්‍රපටයේ පළමු චිත්‍රපටය එළිදැක්වූයේ 2004 වර්ෂයේ දී යි. මෙය හින්දි භාෂාවෙන් නිර්මාණය වුවත්, මේ සඳහා රංගනයෙන් දායක වන්නේ දකුණු ඉන්දියානු නිළියක් වන රායි ලක්ෂ්මිය. ඇයගේ දෙවැනි හින්දි සිනමා නිර්මාණය ද මෙය වීම විශේෂත්වයක්. සරාගී දර්ශනයන් ඇතුළත් මෙහි කාන්තාවකගේ ආධිපත්‍ය පතුරුවා ගැනීමේ උත්සාහයක් තේමා වී තිබුණා.

රායි ලක්ෂ්මී හින්දි සිනමාවට නවකයෙකු වුවත් දමිළ සිනමාවේ බොහෝ දෙනා ආදරය කරන දක්ෂ නිළියක්.

2005 වර්ෂයේ දී ක්ෂේත්‍රයට පිවිසි ඇයගේ පළමු සිනමා නිර්මාණය වන්නේ ‘කර්ක කසදාරා’ චිත්‍රපටය යි. එය දමිළ සිනමා නිර්මාණයක්. ඉන්පසු ඇය රංගනයෙන් දායක වන්නේ ‘කන්චානමල කේබල් ටීවී‘ නම් තෙළිඟු සිනමා නිර්මාණය සඳහා යි. සිනමාවට පැමිණි පළමු වසර තුළදී ම රායි ලක්ෂ්මි බොහෝ ප්‍රසිද්ධියක් ලැබුවා.

2006 වර්ෂයේ දී ඇය සිනමා නිර්මාණ තුනක් සඳහා දායක වූ අතර එක් තෙළිඟු චිත්‍රපටයක් සහ දමිළ චිත්‍රපට දෙකක් ඒ අතර තිබුණා. 2007 වසරේදී ‘රොක් එන් රෝල්’ නම් මලයාලම් සිනමා නිර්මාණය සඳහා දායක වූ රායි පළමු හින්දි සිනමා නිර්මාණය සඳහා දායක වන්නේ 2006 වර්ෂයේදීයි. ඒ වන විට ඇය දමිළ, තෙළිඟු, මලයාලම් වැනි චිත්‍රපට 40කට වැඩි සංඛ්‍යාවක් සඳහා දායක වී තිබෙනවා.

2016 තිරගත වූ ‘අකීරා‘ චිත්‍රපටය ඇයගේ පළමු හින්දි සිනමා නිර්මාණයයි. ක්ෂේත්‍රයට පිවිසීමත් සමඟ ඇයට සිනමා නිර්මාණයන්හී කිසිදු අඩුවක් නොතිබුණා. 2018 වර්ෂයේ දී ඇයගේ මලයාලම් චිත්‍රපට 07ක් එළිදැක්වීමට නියමිත බවයි ඉන්දියානු මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 13:25
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්