ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර අද ආරම්භ කෙරෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වීමට නියමිත ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය අවට මේ වන විට යහපත් කාලගුණ තත්වයක් පවතිනවා.
දෙරට අතර පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා කණ්ඩායම් දෙකම පසුගිය දිනවල ක්‍රීඩා පිටියේදී පුහුණුවීම්වල නිරතවුණා. ලොව හොදම වමත් පන්දු යවන්නා ලෙස සැලකෙන රංගන හේරත් මෙම තරගයෙන් පසු ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට නියමිතයි. ඔහුගේ සමුගැන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විශාල පාඩුවක් බවයි ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙන්නේ. තරගයේ පන්දුවෙන් පන්දුව සජීව තොරතුරු ගෙන එන්නේ ලක්හඩ ගුවන් විදුලියයි.