එකම වේලාවක දිවයින පුරා කොස්පැළ ලක්ෂ 5 ක් රෝපණය කිරීමේ වැඩසටහනේ ජාතික උත්සවය නොවැම්බර් 8 වෙනිදා ආරම්භ වෙනවා. පෙරවරු 9.1ට යෙදෙන සුභ මොහොතින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය ආරම්භ වන බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය කි‍්‍රයාත්මක කර ඇති අපි වවලයි අපි කන්නේ කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළි වෙලයටතේ මෙය කි‍්‍රයාත්මක වෙනවා. ඊට සමගාමීව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හරහා දිවයිනපුරා විසිරී තිබෙන ගොවිජන සේවා මධ්‍යස්ථාන 560 ක් නියෝජනය වන පරිදි දීපව්‍යාප්ත මට්ටමින් වැඩපිළිවෙල කි‍්‍රයාත්මකයි.